Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජාතික ජන බලවේගයට සහාය දීමට තවත් පක්ෂයක් තීරණය කරයි

1 year ago

අපේ ජනබල පක්ෂය වත්මන් ආණ්ඩුවට සහාය දැක්වීමට තීරණය කළ බව සඳහන් කරමින් එම පක්ෂයේ මහ ලේකම් චින්තක වීරකෝන් මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

පක්ෂයේ උත්තරීතර මණ්ඩලය විසින් ජාතික ජන බලවේගය ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවට සිය සම්පූර්ණ සහයෝගය ලබාදීමට තීරණය කළ බව එම නිවේදනයේ සදහන් වේ.

එමෙන්ම ඉදිරියේ දී පැවැත්වෙන මැතිවරණවලදී එම පක්ෂයේ සහයෝගය ජාතික ජන බලවේගය වෙත ලබාදීමට තීරණය කර ඇති බවත් වත්මන් ආණ්ඩුව විසින් ගනු ලබන යහපත් තීන්දු තීරණවලදී ඊට සහයෝගය ලබාදීමටත්, ජනාධිපතිවරයා විසින් රට හමුවේ තබන ජාතික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ දී එකී වැඩසටහන් සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය උපදේශනය ලබාදීමටත් එම පක්ෂය බලාපොරොත්තු වන බව අදාළ නිවේදනයේ සදහන් වේ.

දැනට වත්මන් ආණ්ඩුව විසින් ගෙනයනු ලබන ජාතික කර්ත්‍යවයන් බොහෝමයක් අපේ ජනබල පක්ෂය ඉහළින් අගය කරනු ලබන අතර, අපේකම හා බැදුණු හෙළ සංස්කෘතික දායාදයන් සුරකිමින් බෞද්ධ පරිසරය තුළ සැමවිටම ජීවත්විය හැකි ශ්‍රී ලාංකික ජාතියක් බිහිකිරීමේ ජනාධිපතිවරයාගේ ප්‍රයත්නයට සිය පක්ෂයේ ආශිර්වාදය හිමිවන බව ද අදාළ නිවේදනය මඟින් තහවුරු කර ඇත.