Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

උසස් පෙළ විභාගය අද ඇරඹෙයි

1 year ago

අයැ­දු­ම්ක­රු­වන් 340521 දෙනකු පෙනී සිටින 2025 අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර (උසස් පෙළ) විභා­ගය රට පුරා මධ්‍ය­ස්ථාන 2362කදී අදින් (10) ආරම්භ වනවා.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ උසස් පෙළ විභාගය අද  (10) සිට ලබන දෙසැම්බර් 05වෙනිදා දක්වා පැවැත්වෙන බවයි.

විභා­ගය ආරම්භ වීමට නිය­මිත වේලා­වට පැය­කට පෙර සිය­ලුම අයැ­දු­ම්ක­රු­වන් තමන්ගේ විභාග මධ්‍ය­ස්ථා­න­යට පැමි­ණිය යුතු යැයි විභාග කොම­සා­රිස් ජන­රාල් ඉන්දිකා කුමාරි ලිය­නගේ මහ­ත්මිය විභාග දෙපා­ර්ත­මේ­න්තු­වේදී ඊයේ (09) සවස පැවති මධ්‍ය හමු­ව­කදී ප්‍රකාශ කළා.