ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ වන විට කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානය වෙත පැමිණ තිබෙනවා .
නාමල් රාජපක්ෂ සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී .වී .චානක ද පැමිණ ඇති බව සඳහන් .
විශේෂ දේශපාලන සාකච්ඡාවක් සඳහා මෙලෙස පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සාකච්ඡාව සඳහා නිමල් සිරිපාල ද සිල්වා, ලසන්ත අලගියවන්න, අනුර ප්‍රියදර්ශන යාපා, මහින්ද අමරවීර,දුමින්ද දිසානායක ඇතුළු දේශපාලඥයින් පිරිසක් එක් වී ඇති බවද වාර්තා වෙනවා.
මේ මස 21 වෙනිදා මහා ජනහඬ නමින් නුගේගොඩදී පැවැත්වෙන විපක්ෂයේ රැළිය සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා කිරීම සහ තීන්දු තීරණ කීහිපයක් ගැනීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.
