අම්පාර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (10) පුද්ගලයින් 6දෙනෙකුට මරණ දණ්ඩනය නියම කර තිබේ.
ඒ 2015 වසරේ අප්‍රෙල් 15 වැනිදා සිදු වූ බව කියන ඝාතනයක් සම්බන්ධයෙනි.
අදාළ පුද්ගලයින් 6දෙනා කෙහෙල්උල්ල ප්‍රදේශයේ කඩුපහර නම් ගම්මානයේ ලොරි රථයක් තුළ මත්පැන් පානය කර සිට ඇති අතර එයට විරෝධය දැක්වූ ගම්වාසීන් දෙදෙනෙකුට පහර දී ලොරි රථයෙන් යට කර දමා ඝාතනය කර තිබේ.
ඒ අනුව එම සිදුවීමට අදාළව මෙසේ ඔවුන්ට මරණ දණ්ඬනය නියම වී ඇත.
