Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කෙහෙළියගේ පුත් රමිත් රඹුක්වැල්ල ඇප මත මුදාහරින ලෙස නියෝග

1 year ago

නීති විරෝධි ලෙස රුපියල් කෝටි 27කට අධික වටිනාකමකින් යුත් වත්කම් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම මත චෝදනා ලබා සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා.

ඒ, එම නඩුව අද (11) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේදී කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

එහිදී එම විත්තිකරුට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව රුපියල් පනස්දහසක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැඟින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ.

ඇප ලබාගැනීමෙන් අනතුරුව විදේශගත වීම වළක්වමින් නියෝගයක් ද නිකුත් කළ මහාධිකරණ විනිසුරුවරයා ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණය හමුවේ තැන්පත් කරන ලෙසට ද නියෝග කළා.

2022 ජනවාරි පළවෙනිදා සහ 2023 නොවැම්බර් 14 වැනිදා කාලය අතරතුරදී රුපියල් විසිහත්කෝටියකට අධික වත්කම් හා දේපළ උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීමෙන් දූෂණ විරෝධි පනත යටතේ ගැනෙන වැරදි සිදුකර ඇති බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් එම විත්තිකරුට එරෙහිව අධි චෝදනා ගොනුකර නඩු පවරා තිබිණ.