Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ප්‍රවීණ ඉන්දීය නළු ධර්මේන්ද්‍ර මියගිය බවට පළවන පුවත් පිළිබඳව දියණියගෙන් සටහනක්

1 year ago

තම පියා මියගොස් ඇති බවට මාධ්‍යවල පළවන පුවත් අසත්‍ය බව බොලිවුඩයේ ප්‍රවීණ නළු ධර්මේන්ද්‍ර ඩියෝල්ගේ, දියණිය ඊෂා ඩියෝල් instagram ඔස්සේ සටහනක් තබමින් සඳහන් කර තිබෙනවා.

ඇය සිය සටහනින් අවධාරණය කර ඇත්තේ, තම පියා සුවය ලබමින් සිටින බවත් අසත්‍ය තොරතුරු පැතිරවීමෙන් වළකින ලෙසයි.

”මාධ්‍ය අධික වේගයෙන් අසත්‍ය ප්‍රවෘත්ති පතුරුවන බව පෙනේ. මගේ පියා ස්ථාවරව හා සුවය ලබමින් සිටියි. අපගේ පවුලට පෞද්ගලිකත්වය ලබා දෙන ලෙස අපි සැමගෙන් ඉල්ලා සිටිමු. පියාගේ ඉක්මන් සුවය සඳහා ඔබගේ යාච්ඤාවලට ස්තූතියි” යන්නෙන් ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ධර්මේන්ද්‍ර ඩියෝල්, ඊයේ පෙරවරුවේ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර ඇති අතර, පසුව ඔහු මියගොස් ඇති බවට ඇතැම් ඉන්දීය මාධ්‍ය තොරතුරු වාර්තා කරන ලදී.

ඉන්දීය මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් මෙරට මාධ්‍යය කිහිපයක්ද එම පුවත වාර්තා කර තිබුණි.