උතුරු පළාතේ සියළු හෙද නිලධාරීන් හෙට (12) එක්දින සංකේත වැඩ වර්ජනයක් සිදු කිරීමට නියමිත බව රජයේ හෙද නිලධාරින්ගේ සංගමය පවසනවා.
වෘත්තීය ගරුත්වයට හානි කිරීමට හා අතිකාල දීමනා කප්පාදුවට එරෙහිව මෙම වර්ජනය සිදුකරන බව සඳහන්.
එම වැඩවර්ජනය හෙට පෙරවරු 7.00 සිට උතුරු පළාතේ සියළුම රෝහල්වල ආරම්භ කිරීමට නියමිත බවයි නිවේදනයක් නිකුත් කරමින් රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය සඳහන් කරන්නේ.
