ලංකාවේ පළමු වැනි ඩිජිටල් පක්ෂය ලෙසට එක්සත් ජාතික පක්ෂය පරිවර්තනය කරන බව හිටපු අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහ ලේකම් හරින් ප්‍රනාන්දු පැවසුවා.
මෙම නව වැඩසටහන යටතේ දිවයිනේ සියළුම පාක්ෂිකයන්ට සිය නායකයා සමඟ නිරන්තවරව කතා කිරීමට හැකි ක්‍රමවේදයක් මෙයින් නිර්මාණය කරන බවද නියෝජ්‍ය මහ ලේකම්වරයා සඳහන් කළා.
ඒ අනුව ලබන 10 වැනිදා මෙම වැඩසටහන මුලින්ම ක්‍රියාත්මක කරන බවත් සෑම මාසයකම සති දෙකකට වරක් තරුණ තරුණියන් සමඟ මෙවැනි රැස්වීම් සූදානම් කරන බවත් හෙතෙම පැවසුවා.
හරීන් ප්‍රනාන්දු මේ බව ප්‍රකාශ කළේ, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් ධුරයේ වැඩ භාර ගැනීමට පිටකෝට්ටේ සිරිකොත මූලස්ථානයේ ඊයේ (10) පැවැති උත්සවයේ දී.
“රනිල් මහත්තයාගෙන් ඉගෙන ගනිමු” තේමාව යටතේ රටේ තරුණයන්ට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් දේශපාලනය ඉගෙන ගැනීමට විශේෂ වැඩසටහනක් සූදානම් කර ඇතැයි ද හිටපු ඇමැතිවරයා මෙහිදී ප්‍රකාශ කළා.
