Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් ලෙස පෙනී සිටිමින් කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ පුද්ගලයෙකුට වැඩ වරදී

1 year ago

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සනත් අබේසේකර මහතාගේ නම අවභාවිතා කරමින් කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අද (12) කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළේය.

මොහු සනත් අබේසේකර මහතා ලෙස ව්‍යජ Facebook ගිණුමක් නිර්මාණය කර ඒ හරහා චිත්‍රපටවල රඟපෑමට අවස්ථාව ලබාදෙන බව පවසමින් විත්‍රපට නිළියන්ට කතා කර මුදල් සහ ලිංගික අල්ලස් ඉල්ලා ඇති බව සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් සනත් අබේසේකර මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් සිදු කර ඇති අතර, ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු ලබන 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.