සමූපකාර සංවර්ධන කොමසාරිස්/සමූපකාර සමිති රෙජිස්ට්‍රාර් ලෙස වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් තනතුරක දැනට සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ I ශ්‍රේණියේ නිලධාරිනි තරණි කුමාරදාස පත් කිරීමට වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිකතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබෙනවා.
සමූපකාර සංවර්ධන කොමසාරිස්/සමූපකාර සමිති රෙජිස්ට්‍රාර් ලෙස දැනට සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ I ශ්‍රේණියේ නිලධාරිනි එච්. ඒ. ආශා හපුආරච්චි එම තනතුරෙන් මුදා හරින ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති අතර, ඒ අනුවයි ඇයව එම තනතුරෙන් මුදා හැරීමටත්, ඒ හේතුවෙන් පුරප්පාඩු වන සමූපකාර සංවර්ධන කොමසාරිස්/සමූපකාර සමිති රෙජිස්ට්‍රාර් තනතුර සඳහා නව පත්කිරීමක් යෝජනා කර ඇත්තේ.
