Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මන්දාරම් නුවර සෆාරි ජීප් නියාමනය කෙරේ

1 year ago

දෙස් විදෙස් සංචාරකයින් අතර විශාල ජනප්‍රියත්වයක් අත්කරගෙන ඇති මන්දාරම් නුවර ප්‍රදේශයේ සෆාරි ජීප් සේවා ක්‍රියාත්මක කිරීම නියාමනය කිරීම සඳහා හඟුරන්කෙත ප්‍රාදේශීය සභාව විසින් විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇත.

මෑත කාලයේදී මන්දාරම් නුවර වෙත සති අන්ත හා සති මධ්‍යය දිනවල දී විශාල සංචාරක පිරිසක් පිවිසෙන අතර, ඔවුන්ගේ පහසුව සඳහා සෆාරි ජීප් රථ 20කට ආසන්න පිරිසක් සේවයේ යොදවා ඇත.

එම ජීප් රථවල තත්ත්වය සහ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින්, අදාළ නිෂ්පාදන සමාගම්වල දේශීය නියෝජිතයින් සමඟ සම්බන්ධ වෙමින්, සෑම මාස 3කට වරක් තත්ත්ව පරීක්ෂාවක් සිදු කිරීමට ප්‍රාදේශීය සභාව තීරණය කර ඇත.

එමෙන්ම, රියදුරන්ගේ කාර්යක්ෂමතාව, ආරක්ෂාකාරී ධාවන හැසිරීම් සහ සංචාරක ආරක්ෂාව පිළිබඳ දැනුම යාවත්කාලීන කිරීම සඳහා ද පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ.

පළමු වැඩසටහන පසුගියදා හඟුරන්කෙත ප්‍රාදේශීය සභාවේ මූලිකත්වයෙන් පැවැත්වූ අතර, මන්දාරම් නුවර පොලිසියේ රථවාන අංශය හා මන්දාරම් නුවර සෆාරි ජීප් රථ ධාකයින්ගේ සමිතියද ඒ සඳහා සහය ලබාදුනි.

මෙහිදී දැඩි කඳු සහ පල්ලම් සහිත මාර්ගවල ධාවනය සඳහා ජීප් රථවල තත්ත්වය, නියමිත අලුත්වැඩියා කටයුතු සහ ආරක්ෂාකාරී ධාවන ක්‍රම පිළිබඳව ධාකයින් දැනුවත් කරන ලදී.