කාසල් වීදියේ කාන්තා රෝහලේදී දෙබිඩි දැරියන් දෙදෙනෙකු උපන් බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා සඳහන් කරයි.
මෙම දරු උපත සිදුව ඇත්තේ පසුගිය 10 වනදා වන අතර, දැරියන් දෙදෙනාගේ මව පන්නල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29ක් වූ කාන්තාවක් බවද ඔහු පැවසීය.
එක් දැරියකගේ උපත් බර කිලෝ 2යි ග්‍රෑම් 200 ක් වන අතර දරු දෙදෙනා කිලෝ 4යි ග්‍රෑම් 400කින් යුතු නිරෝගිව ඉපැදී ඇතැයි රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කරනවා.
උදරයෙන් එකට යාවී උපන් මෙම දරුවන් වෙන් කිරීම සඳහා විශේෂ සැත්කමක් මාස තුනකට පසු රිජ්වේ ආර්යා ළමා රෝහලේදී සිදු කිරීමට නියමිත බව ද වෛද්‍ය දන්තනාරායන මහතා පැවසීය.
දරුවන් දෙදෙනා මේ වනවිට සෞඛ්‍ය සන්පන්නව සිටින අතර, ඔවුන් මව සමඟ නිවෙස් වෙත ගෙනයාමෙන් අනතුරුව මාස තුනකට පසුව යළි රෝහලට ඇතුළත් කිරීමට නියමිතය.
