ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන රසික පීරිස් මහතා අද (14) නව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා ලෙස වැඩ භාර ගනු ලැබීය.
හිටපු කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා වයස අවුරුදු 60 සම්පූර්ණ කිරීම නිසා පසුගිය 13 වනදා විශ්‍රාම ගත් අතර එම ධුරය හිස්වූ නියමයට රසික පීරිස් මහතා බඳවා පත් කර තිබේ.
