Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කෙහෙල්බද්දර පද්මේගේ බැංකු ගිණුම් විමර්ශනයට නියෝග

1 year ago

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරන කෝරලගමගේ මන්දිනු පත්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පද්මේගේ බැංකු ගිණුම් සහ ඔහුගේ පවුලේ ඥාතීන්ගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් විමර්ශනය කර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු ද සිල්වා අද (14) නියෝග කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රගති වාර්තාවක් අධිකරණයට ඉදිරිපත්
කරමින් සිද්ධියේ පළමුවැනි සැකකරු වන කෙහෙල්බද්දර පද්මේගේ සහ ඔහුගේ පවුලේ ඥාතීන්ගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අවසර ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී මෙලෙස නියෝග කළා.

මෙම සිද්ධියේ දෙවන සැකකරුගේ බිරිඳගේ වාහනය මුදා හරින ලෙසට එම අවස්ථාවේදී දෙවැනි සැකකරු වෙනුවෙන් අධිකරණය පෙනී සිටි නීතිඥවරයා ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ස්ථීර මහේස්ත්‍රාත්වරයා හමුවේ කැඳවා ඒ සම්බන්ධයෙන් කරුණු සලකා බලන ලෙස දන්වා සිටියා.