Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අගලවත්ත ප්‍රාදේශීය සභාවේ උණුසුම් තත්ත්වයක්

1 year ago

අගලවත්ත ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය අද සම්මත වූයේ මතභේදාකාරී තත්ත්වයක් මැදය.

ජාතික ජන බලවේගයෙන් පත්වූ සභාපති ලලිත් කුමාරරත්න මහතා අයවැය සභාවට ඉදිරිපත් කළ අතර එහිදී අයවැයට පක්ෂ 10ක්ද , විපක්ෂව ඡන්ද 7ක්ද ලැබුණු අතර තිදෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභික චාමින්ද රණවක මහතාගේ ඡන්දය, සභාවේ ලේකම්වරිය විසින් වැරදියට සටහන් කරගත් බවට චෝදනා කරමින් සභාවේ නොසන්සුන් තත්ත්වයක් හටගත්තේය.

ඉන්පසුව සභාවේ ලේකම්වරයා කියා සිටියේ අයවැයට පක්ෂව ඡන්ද නවයක් සහ විපක්ෂව ඡන්ද අටක් වශයෙන් හිමිවී ඇති බවය.

තිදෙනකු ඡන්දය දීමෙන් වැළකී සිටි අතර මෙම අයවැය ඒ අනුව සම්මත විය.

එම ප්‍රකාශය නොපිළිගත් විපක්ෂ සභිකයින් දිගින් දිගටම සභාව තුළ නොසන්සුන්ව හැසිරීම හේතුවෙන් මිනිත්තු 30කට සභාව කල්තැබීමට සභාපතිවරයා තීරණය කළේය.

අනතුරුව විපක්ෂ මන්ත්‍රීවරු අගලවත්ත පොලිස් ස්ථානය වෙත ගොස් පැමිණිල්ලක්ද සිදුකරනු ලැබීය.