Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඩෑන් ප්‍රියසාද් ඝාතන නඩුවේ යතුරුපැදිකරුට ඇප

1 year ago

සමාජ ක්‍රියාකාරිකයකු වු ඩෑන් ප්‍රියසාද් නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීම සඳහා වෙඩික්කරු රැගෙන ආවේ යැයි කියන යතුරුපැදිය පැදවු යතුරුපැදිකරු රුපියල් පනස් දහසක(50000/=) මුදල් හා රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇපකරුවන් දෙදෙනෙකුගේ ඇප බැඳුම්කර මත මුදා හැරීමට කොළඹ මහාධීකරණ විනිසුරු ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කලා.

විදේශ ගමන් තහනමක් පනවා විදේශ ගමන් බලපත්‍රය අධිකරණය හමුවේ තැන්පත් කිරීමේ කොන්දේසියට යටත්ව එම නඩුවේ පළමුවන විත්තිකරු ලෙස නම්කොට ඇති දුලාන් මදුශංක නැමැත්තා එලෙස ඇප මත මුද හැරීමට නියම කෙරුණා. සිය සේවා දායකයා මාස හයකට ආසන්න කාලයක් තිස්සේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින බවත් ඔහු එකී අපරාධයට සෘජුව සම්බන්ධ බවට නිශ්චිත තොරතුරක් මේ දක්වා අනාවරණයවි නොමැති බවත් පෙන්වා දෙමින් එම සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉනොකා සෙනවිරත්න මහත්මිය කළ කරුණූ දැක්වීම සලකා බැලු විනිසුරුවරයා එම ඇප නියෝගය නිකුත් කළා. අප ලබාගැනීමෙන් පසුව ඉදිරි විමර්ශන වලට හෝ පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට කිසිදු බලපෑමක් නොකළ යුතු බවටද මිනිසුරුවරයා සැකකට කොන්දේසි පනවනු ලැබුවා.