Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

1990 ට යතුරුපැදියක්

1 year ago

1990 සුවසැරිය ජාතික හදිසි ගිලන් රථ සේවාව මගින් හදිසි අවස්ථාවලදී ප්‍රතිචාර දැක්වීම වේගවත් කිරීම සඳහා විශේෂ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

සුවසැරිය පදනමේ දස අවුරුදු සැලසුමේ ප්‍රමුඛ කාර්යයක් ලෙස මෙය හඳුන්වා දී ඇති අතර ගිලන්රථය අදාළ ස්ථානයට පැමිණීමට යම් කාලයක් ගතවන අවස්ථාවලදී, දුරකතන ඇමතුම ලද විගස යතුරුපැදි ආශ්‍රයෙන් අදාළ නිලධාරීන් යැවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ සුවසැරිය ගිලන් රථ බලඇණිය 500 ක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බවත්, නවීන තාක්ෂණය භාවිතයෙන් සේවාව නව්‍යකරණයට ලක් කරන බවත්ය.