Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකට විනය ක්‍රියාමාර්ග

1 year ago

පොලිස් පරිපාලන අංශය භාර වැඩ බලන ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයේ කටයුතු කළ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා විනය ක්‍රියාමාර්ගයකට යටත්ව එම තනතුරෙන් ඉවත් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් ලලිත් පතිනායක මහතා තවදුරටත් මධ්‍යම පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයේ කටයුතු කරනු ඇත. 

අදාළ ඉවත් කිරීම හේතුවෙන් පුරප්පාඩු වූ පොලිස් පරිපාලන අංශය භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරය සඳහා බස්නාහිර පළාත්  භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා පත් කිරීමට ජාතික පොලිස් කොමිසම අනුමැතිය ලබා දී තිබේ.