මේ මස 21 වන දින කොළඹදී පැවැත්වීමට නියමිත ඒකාබද්ධ විපක්ෂයේ රැළියට සහයෝගය නොදැක්වීමට තීරණය කර ඇතැයි දමිළ ප්රගතිශීලී සන්ධානයේ (DPF) නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් අද (16) හැටන්හිදී පැවසුවා.
මෙහිදී අදහස් දැක්වූ දිගම්බරම් පැවසුවේ වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 1750 දක්වා වැඩි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ගත් තීරණයට ස්තූතිවන්ත වන බවත්, වතු ජනතාවගේ ගැටලු විසඳීමට රජය ගන්නා සෑම ක්‍රියා මාර්ගයකටම පූර්ණ සහයෝගය ලබා දෙන බවත් ය.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ, වතු දේශපාලඥයන් ජනතාව ප්‍රතික්ෂේප කර ඇතැයි මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම, රජයේ ඇතැම් පාර්ශවයන්ගේ සැලසුම් සහගත ක්‍රියාවක් බවයි.
