කසිප්පු ළඟ තබා ගැනීම පිළිබඳව හත් වතාවක් වරදකරු වි නැවත වරක් කසිප්පු බෝතල් 45 ක් (මිලි ලීටර් 33,750 ක්) ළඟ තබා ගන්නා ලද පුද්ගලයෙකුට රුපියල් අසූදහසක දඩ මුදලක් ගෙවීමට මහර අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ නියම කර තිබෙනවා.
මෙලෙස දඩ නියම කෙරුණේ සපුගස්කන්ද, පට්ටිවිල ප්‍රදේශයේ පදිංචිකරුවකුටයි.
මෙම සැකකරුට නිතිවිරෝධී මත්පැන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් වන පෙර වැරදි හතක්ම ඇති බවත්, එසේ තිබියදී නැවත වතාවක් කසිප්පු බෝතල් 45ක් සමඟ අත්අඩංගුවට පත් වූ බවත් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණා.
ඒ අනුව පෙරවැරදි හතක් හේතුවෙන් අධිකරණයේ වරද පිළිගත් මෙම සැකකරුට රුපියල් අසූ දහසක දඩයක් නියම කිරීමට අධිකරණය නියෝග කළා.
