Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගංජා සමඟ සජබ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

1 year ago

බදුල්ල, පල්ලේවත්ත ප්‍රදේශයේ දී ගංජා මත්ද්‍රව්‍ය සමඟ කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු බදුල්ල ගලඋඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම සැකකරු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු මෙන්ම හාපත්ගමුව විදුලිවැට ආරක්ෂක සහයක නිලධාරියෙකු වශයෙන්ද කටයුතු කරන බවත් පොලීසිය පැවසීය.

මෙලෙස අත්අඩංගුවට අත්තේ පල්ලේවත්ත, හාපත්ගමුව, ගෝඩුන්න, හාලි ඇල යන ලිපිනයේ පදිංචි අයෙකි.

ගංජා අලෙවියේ නිරත බවට පොලීසියට ලද තොරතුරක් මත පොලීසිය විසින් උපාය දූතයෙකු යොදවා සිදුකරන ලද හදිසි වැටලීමේදී අලෙවිය සඳහා සකස් කර තිබූ ගංජා ග්‍රෑම් 86ක් සමග සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

සැකක අද දිනයේදී බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.