Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කෙහෙළිය ඇතුළු පවුලේ පිරිසකට හා සේවිකාවටත් අධිචෝදනා භාරදෙයි

1 year ago

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල, දියණිය ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකුට අල්ලස් කොමිසම මගින් ගොනුකර තිබූ නඩු දෙකක් සඳහා කොළඹ මහාධිකරණය හමුවේ අද (00000017) අධි චෝදනා භාර දී ඇත.

මෙලෙස අධිචෝදනා භාර දී ඇත්තේ, කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ ය.

කෙහෙළිය රඹුක්වැල්ල, රමිත් රඹුක්වැල්ල, දියණිය වන අමාලි නයනිකා රඹුක්වැල්ල සහ ඔවුන්ගේ සේවිකාවක වන නිපුණී ක්‍රිෂ්ණජිනා යන අයට එරෙහිව ගොනුකර තිබූ නඩු දෙකකට අදාළව මෙම අධි චෝදනා භාර දී තිබේ.

ඉන් අනතුරුව එක් එක් විත්තිකරුවෙකු රුපියල් 50,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට විනිසුරුවරයා නියෝග කර ඇත.

එමෙන්ම, මෙම විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කර තිබේ.

මෙම නඩු දෙක පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජනවාරි මස 12 සහ 14 වන දා කැඳවන ලෙසත් විනිසුරුවරයා නියෝග කර ඇත.

මේ අතර, හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ලට එරෙහිව තවත් නඩුවක් සඳහා මෙහිදී අධිචෝදනා භාර දී තිබේ.

අනතුරුව විනිසුරුවරයා නියෝග කර ඇත්තේ, එම නඩුවට අදාළව ද ඔවුන් රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ය.

විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කළ විනිසුරුවරයා ඔවුන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තා කැඳවන ලෙසත් නියෝග කර ඇත.

මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජනවාරි 20 වන දා කැඳවීමට විනිසුරුවරයා නියෝග කර තිබේ.