සෞදි අරාබියේ මක්කම වන්දනාවේ ගිය පිරිසක් රැගත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් 42දෙනෙකු මිය ගොස් තිබේ.
අදාළ බස් රථය ඉන්ධන ප්‍රවාහන බවුසරයක ගැටීම හේතුවෙන් ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙම අනතුරින් දිවි බේරාගෙන ඇත්තේ එක් පුද්ගලයෙකු පමණි.
බස් රථයේ සිටි පිරිසට පිටතට පැමිණීමට නොහැකි වී ඇති බව සඳහන්.
මියගිය පිරිසෙහි මෘත දේහයන් හඳුනා ගැනීමට නොහැකි වන පරිදි පිලිස්සී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මෙම පිරිස ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ සිට පැමිණි පිරිසක් බවද සඳහන් වේ.
