මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල සිදුවු වෙඩිතැබීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද (17) රාත්‍රියේ සිදුවු මෙම වෙඩිතැබීමෙන් අවන්හල්හිමිකරුවෙකුගේ බිරිඳ බරතළ තුවාල ලබා රෝහල් ගත කර තිබුණි.
මීට මාස 4කට පමණ පෙර ඝාතනයට ලක්වූ මහදුර නලීන් නැමැත්තාගේ සහෝදරියට මෙලෙස වෙඩි ප්‍රහාරය එල්ල වී ඇතැයි වාර්තා වුණි.
කරන්දෙණිය සුද්දාගේ මස්සිනා වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වු අතර, එම සිදුවීමට පළිගැනීමක් ලෙස මෙම වෙඩිතැබීම සිදුකර ඇතැයි ද සඳහන්ය.
