Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

චාමර සම්පත්ගේ නඩුවකට අධිකරණයෙන් නියෝගයක්

1 year ago

ඌව පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේදී සිදුකළ දූෂණ ක්‍රියාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට විරුද්ධව ගොනුකර ඇති පැමිණිල්ලක් ජනවාරි මස 20 වන දින යළි කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

මෙම පැමිණිල්ල අද (ර් 18) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ, මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු සම්පූර්ණයෙන් අවසන් කර, විමර්ශන ගොනු කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇති බවයි.

ඒ අනුව, නඩුකරයට අදාළ ඉදිරි පියවර දැනුම්දීම සඳහා දිනයක් ලබා දෙන ලෙස අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටීමෙන් පසු, අදාළ පැමිණිල්ල යළි ජනවාරි 20 වන දින කැඳවීමට නියම කෙරුණා.

2016 වසරේදී චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී සිදුවූ දූෂණ ක්‍රියාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

එහිදී, එම පළාතේ පෙර පාසල් දරුවන්ට බෑග් ලබාදීම සඳහා රාජ්‍ය බැංකුවකින් ඉල්ලා සිටි අනුග්‍රහය එම බැංකුව විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඊට ප්‍රතිචාර ලෙස, අදාළ පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් 06ක් කල්පිරීමට පෙර ඉවත් කර ගැනීම තුළින්, පළාත් සභාවට රුපියල් ලක්ෂ 173කට අධික පාඩුවක් සිදු කළේ යැයි මන්ත්‍රීවරයාට චෝදනා එල්ල වුණා.