Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිටපු ජනපති මහින්දට ඉන්දීය මහ කොමසාරිස්ගෙන් ආ සුබ පැතුම

1 year ago

හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂගේ ඡන්දම දිනය ‍හේතුවෙන් ඉන්දීය කොන්සල් ජනරාල් ශ්‍රී හර්වින්දර් සින්ග් අද (18) හිටපු ජනපතිවරයාගේ තංගල්ලේ පිහිටි කාල්ටන් නිවෙසට ගොස් තිබුණා.

ඒ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා ගේ සුබපැතුම් පිරිනැමීම සඳහායි.

මේ සම්බන්ධයෙන් හිටපු ජනපතිවරයා සිය මුහුණු පොතේ සටහනක් තබමින් සඳහන් කර තිබුණේ රාජ්‍යතාන්ත්‍රිකව ද පෞද්ගලිකව ඔවුන් දෙදෙනා අතර පවතින මිතුදම සතුටු සිතින් සිහිපත් කරමින් හෘදයාංගම ස්තුතිය පළ කරන බවයි.

එම මුහුණු පොතේ සඳහන් වූ සටහන මෙසේයි.

“අද (18) දින පෙරවරුවේ තංගල්ල, කාල්ටන් නිවසට පැමිණි ඉන්දීය කොන්සල් ජනරාල් ශ්‍රී හර්වින්දර් සින්ග් මහතා විසින් මාගේ ජන්ම දිනය උදෙසා, ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මැතිතුමන්ගේ සුබ පැතුම් පිරිනමන ලදී.

මෙහිදී රාජ්‍යතාන්ත්‍රිකව ද පෞදගලිකව ද අප අතර පවතින මිතුදම සතුටු සිතින් සිහිපත් කරමින් මාගේ හෘදයාංගම ස්තුතිය පුද කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.”