Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජය ශ්‍රී මහා බෝධියේ ප්‍රධාන කපු මහතා දඩ අත්අඩංගුවට

1 year ago

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පරිශ්‍රය භාවර සිටින ප්‍රධාන කපු මහතාව වන ජීවි දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම දෙපාර්තමේන්තුවට ලද තොරතුරක් මත සිදුකළ විශේෂ වැටලීමකදී නීති විරෝධී දඩ මස්, ඉබ්බන් සහ ඇත්දළවලින් නිර්මාණය කරන ලද භාණ්ඩයක් සමඟ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා අද (18) පස්වරුවේ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.