Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සිසුවෙකුව අපයෝජනය කළ ගුරුවරයා රිමාන්ඩ්

1 year ago

වයස අවුරුදු 14 ක සිසුවෙක් අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගුරුවරයෙක් දෙසැම්බර් මස 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කර තිබෙනවා.

මෙම සිදුවීම වසන් කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයාව ලක්ෂ දෙකක ශරීර ඇප 02 ක් මත නිදහස් කිරීමට ද මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වැඩිදුරටත් නියෝග කළා.

මොරටුව පොලිස් වසමේ පාසලක වයස අවුරුදු 14 ක සිසුවෙකු අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් එම පාසලේ ගුරුවරයෙක් සහ එම සිදුවීම වසන් කිරීම සම්බන්ධයෙන් එහි විදුහල්පතිවරයා මොරටුව පොලීසිය මගින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණා.