Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

21 රැලිය ගැන හිටපු ජනපති මහින්දගේ අදහස වෙනස් වෙයි

1 year ago

එළැඹෙන 21 වැනිදා පොදුජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ පක්ෂ විසින් සංවිධානය කරනු ලබන රැලිය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද එක්වීමට නියමිතව තිබේ.

වර්තමාන ආණ්ඩුව සිදුකරනු ලබන ජනතා විරෝධී ක්‍රියාවන් සඳහා ජනතාව පෙළ ගැස්විය යුතු බවයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

සිය උපන්දිනය නිමිත්තෙන් ආශිර්වාද ලබා ගැනීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත ගිය අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජපක්ෂ මහතා මෙම අදහස් දැක්වීය.

නමුත් මින් පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කළේ 21 වනදා පැවැත්වෙන රැළිය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී නොවන බවයි.

මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ දිනයේ සිය 80 වැනි උපන් දිනය සමරනු ලැබීය.