Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ප්‍රබල අකුණු ගැන අනතුරු ඇඟවීමක්

1 year ago

ප්‍රබල අකුණු පිළිබඳව අද (19) අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා .

ඒ අනුව, ඌව, දකුණ සබරගමුව , බස්නාහිර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයන් සඳහා මෙලෙස අකුණු අනතුරු සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම ක්‍රියාක්මකයි.

අකුණු සහ ගිගුරුම් වැසි පවතින අවස්ථාවල පහත ආරක්ෂිත පියවර අනුගමන කරන මෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට අවවාද කරනවා.

එළිමහනේ හෝ ගස් යට නොසිටිය යුතු අතර ආරක්ෂිත ගොඩනැගිල්ලක් හෝ සංවෘත්ත වාහනයක් තුළ රැඳී සිටින්න.

කුඹුරු, තේ වතු, ක්‍රීඩාපිටි මෙන්ම ජලාශ වැනි විවෘත ස්ථානවල රැදී සිටීමෙන් වළකින ලෙස කාලගුණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.