Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සජිත් දෙමළ ජනතාවගෙන් සමාව ගන්න ඕනේ – ශ්‍රීධරන්

1 year ago

ජාතිවාදී ස්වරූපයකින් ත්‍රිකුණාමලය බුදු පිළිම ප්‍රශ්නයට මැදිහත් වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දෙමළ ජනතාවගෙන් සමාව ගත යුතු බව ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.ශ්‍රීධරන් මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පල කළේ, ඊයේ (19) පාර්ලිමේන්තු සහාවාරය අතරතුරයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

“මේ සභාවෙදි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බුදුපිළිමය එම ස්ථානයෙන්ම තැබිය යුතුයි කියලාත්, මේක ජාතික ප්‍රශ්නයක් කියලත්, ආවේගයෙන් කතා කිරීම පුදුමයට කරුණක්. ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාව ඔහුට ඡන්දය ලබා දුන්නා. ඔහු ජනාධිපති වුනොත් හැමදේම හරි යයි කියලත් හිතුවා. සජිත් තමන්ගේ ස්ථාවරය ඉල්ල අස් කරගන්න ඕනේ. ඔහු දෙමළ ජනතාවගෙන් සමාව ගන්න ඕනේ. සජිත් ප්‍රේම්දාස මහත්තයා දෙමළ ජනතාවගෙන් විවෘතව සමාව ගන්න ඕනේ.එතකොට තමයි සාධාරණය ඉෂ්ට වෙන්නේ”