ජාතික ජන බලවේගයට බලය හිමි තංගල්ල නගර සභාවේ මංගල අයවැය පරාජයට පත්ව තිබේ.
එහිදී අයවැයට පක්ෂව ඡන්ද 9ක් හිමිවූ අතර, විපක්ෂව ඡන්ද 10ක් හිමිවු තිබුණි.
මෙහිදී සර්වජන බලයේ මන්ත්‍රීවරයාගේ ඡන්ද විපක්ෂයට හිමිවීමත් සමඟ එහි ජයග්‍රහණය විපක්ෂයට හිමිවුණි.
තංගල්ල නගර සභාවේ සම්පූර්ණ සභික සංඛ්‍යාව 19ක් වන අතර පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගයට සභික ධුර 09 ක්ද , සමගි ජන බලවේගයට සභික ධුර 05 ක්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සභික ධුර 03 ක්ද එක්සත් ජාතික පක්ෂයට 01 සභික ධුරයක්ද, සර්ව ජන බලයට 01 සභික ධුරයක්ද හිමිවී තිබිණි.
