අයගම පොලිස් වසමේ කොළඹෑව ප්රදේශයේ කාන්තාවකට හා ඇයගේ වයස අවුරුදු 16ක් වූ පුත්රයාට ඊයේ(20) ඇසිඩ් ප්රහාරයක් එල්ල වී තිබේ.
ඇසිඩ් ප්රහාරයෙන් බරපතළ තුවාල ලැබු මව සහ දරුවාව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් අදාළ ස්ථානයට ගොස් අයගම රෝහලට ඇතුළත් කර ඇත.
රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව 40 හැවිරිදි මව ජීවිතක්ෂයට පත්ව තිබේ.
විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ අසල්වැසියන් පිරිසක් සමඟ ඇතිවූ පුද්ගලික ආරවුලක් මත මෙම අපරාධය සිදුකර ඇති බවයි.
මෘත ශරීරය රත්නපුරය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අයගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකර ගෙන යනු ලබයි.
