Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලොව විශාලතම ගුවන් යානයක් හදිසියේම කටුනායකට ගොඩබස්වයි

1 year ago

ඩුබායි සිට ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර බලා පියාසර කරමින් තිබූ එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ – 434 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ හදිස්සියේ ගොඩබස්වා තිබෙනවා.

ඊයේ (20) රාත්‍රියේ මෙලෙස හදිසි ගොඩබැස්සවීමක් සිදුකර ඇති බව වාර්තා වනවා.

එහි ගමන්ගත් ගුවන් මගියෙකු හදිසියේම අසනීප වීම හේතුවෙන් මෙලෙස ගොඩබස්වා ඇති බව සඳහන් වනවා.

පසුව එම මගියා වැඩිදුර ප්‍රතිකාර සඳහා රොහල් ගතකර තිබෙනවා.

ලොව විශාලතම මගී ගුවන් යානාවක් වන ඒ.- 380 වර්ගයයේ ගුවන් යානයක් වන මෙය ඊයේ රාත්‍රි 7.15ට පමණ කටුනායක ගුවන්තොටුපොළට ගොඩබස්වා පසුව රාත්‍රී  9.20ට පමණ නැවතත් ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා.