එළඹෙන වසරේ සිට රියදුරන් සඳහා ලකුණු ක්‍රමයක් ගෙන ඒමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.
දැනට ප්‍රදේශ කිහිපයක ක්‍රියාත්මක වන වාහන දඩ ඔන්ලයින් ගෙවීමේ ක්‍රමවේදය මෙම වසර අවසානය වන විට රට පුරා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළා.
ඔහු මෙම අදහස් පල කළේ, ඊයේ (20) පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදයට එක්වෙමින්.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ, මාර්ගවල මාර්ග නීති නැවත නැවතත් උල්ලංඝනය කරන රියදුරන්ට දඩුවම් ලකුණු ලබාදීමෙන් පසු උපරිම ලකුණු සීමාව ඉක්මවා ගිය විට රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීම හෝ අවලංගු කිරීමේ ක්‍රමය ලොව බොහෝ රටවල් මේ වන විට ක්‍රියාත්මක කරන බවයි.
ශ්‍රී ලංකාවට ද හඳුන්වා දීමට යෝජනා වී ඇත්තේ ඒ හා සමාන ක්‍රමවේදයක් බවද ඔහු සඳහන් කළා.
ඒ අනුව, ලබන වසරේ සිට රියදුරු බලපත්‍ර සඳහා දඬුවම් ලකුණු ක්‍රමය (Demerit Points system) හඳුන්වා දෙන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
