සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයාගේ ප්රධානත්වයෙන්නුගේගොඩ ප්‍රදේශයේ ආරම්භ කරන ලද දුඹුරු සීනි ආශ්රිත වෙළඳසැල විවෘත කර දින නවයක් වැනි කෙටි කාලයක් තුළදී එහි විකුණුම් ප්‍රමාණය රුපියල් ලක්ෂ 8 ඉක්මවා ගොස් ඇති බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසනවා.
“නුගේගොඩ කඩේ දැම්මා තමයි දවස් 9යි. මේ වෙනකොට විකුණුම් ප්‍රමාණය ලක්ෂ අට පැනලා තියෙනවා.”
අද (21) පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, වෙළඳපොලේ ඉඩ නොලැබෙන විට කර්මාන්ත නගා සිටුවීමට වෙළඳපොළ ජයග්‍රහණය කිරීමට උත්සාහ කරන බවයි.
ආර්ථිකය බංකොලොත් කර තිබූ පසුබිමක, කර්මාන්තකරණය නගා සිටුවීම සඳහා සිය අමාත්‍යාංශය කණ්ඩායමක් ලෙස ලබා ගත් ජයග්‍රහණ පිළිබඳවද නියෝජ්‍ය අමාත්‍යවරයා කරුණු ඉදිරිපත් කළා.
