Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ත්‍රීරෝද රථයකින් අභිරහස් ලෙස මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවෙයි

1 year ago

ත්‍රීරෝද රථයක් තුළ තුවාල සහිතව මියගොස් සිටි ඝාතනයක් බවට සැක කෙරෙන පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී තිබෙනවා.

ඒ මහරගම පොලිස් වසමේ, ගම්මාන පාර, 04 වන පටුමග ආසන්නයේදී බවයි පොලිසිය පැවසුවේ.

ඊයේ (21) වන රාත්‍රී කාලයේ ලද තොරතුරක් මත මළ සිරුර සොයාගෙන ඇති අතර විර්මශන ආරම්භ කර තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 57 ක් වූ ගල්ගමුව, කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට අනාවරණය වී ඇති බවද පොලිසිය පැවසුවා.

මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතයි.

පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.