පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ වෙළෙඳසැලක් මතට අද (22) පෙරවරුවේ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් කොළඹ-නුවර ප්‍රධාන මාර්ගය ගනේතැන්න ප්‍රදේශයෙන් මේ වනවිට සම්පූර්ණයෙන් වසා දමා තිබේ.
ඒ හේතුවෙන් එම ප්‍රදේශය හරහා ගමන්ගන්නා රථ වාහන රියදුරන්ට විකල් මාර්ග භාවිතාකර ලෙස මාවනැල්ල පොලීසිය උපදෙස් ලබා දී ඇත.
මෙම අනතුරින් එක් අයෙකු මේ වනවිට මියගොස් ඇති අතර, තුවාල ලැබු තවත් සිවුදෙනෙකු මාවනැල්ල රෝහලට ඇතුළත් තිබේ.
එමෙන්ම වෙළඳසැලෙහි සිටි කිහිපදෙනෙකු සුන්බුන් තුළ සිරවී සිටින බවට වාර්තා වේ.
