Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වැඩබලන අගවිනිසුරු ලෙස, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න පත් කෙරේ

1 year ago

වැඩබලන අගවිනිසුරු ලෙස, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඇන්තනි ලලිත් ශිරාන් ගුණරත්නව පත්කර තිබෙනවා.

ඒ අනුව ඔහු අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දුන්නා.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන 2025-11-22 දින සිට 2025-11-27 වැනි දින දක්වා විදේශගත වන බැවින්, ඔහු නැවත ලංකාවට පැමිණෙන තුරු ජනාධිපතිවරයා විසින් මෙම පත් කිරීම සිදු කර බව සඳහන්.