පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ සිදුවු නායයෑමෙන් සුන්බුන් අතර සිරව සිටි තවත් අයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබේ.
ඒ අනුව මෙම නාය යෑමෙන් මේ දක්වා මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 06ක් දක්වා ඉහළ ගොස් තිබේ.
සිද්ධිය සිදුවූ අවස්ථාවේ එහි සිටි තවත් පුද්ගලයින් සිව් දෙනෙකුද මුදවා රෝහල් ගත කිරීමටද පියවර ගෙන ඇත.
