පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ වෙළෙඳසැලක් මතට අද (22) පෙරවරුවේ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් වසා දැමුණු කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය නැවත දැනුම් දෙන තුරු වසා තැබෙන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජගත් එම් හේරත් මහතා පවසයි.
ඒ අනුව ගනේතැන්න ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගය වසා දමා ඇති අතර ඒ සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් ඒ මහතා සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක්ද සිදු කළේය.
එමෙන්ම ඒ මහතා පැවසුවේ මේ වන විටත් වැසි ඇද හැලෙමින් පවතින බවත් මේ වන විට මුදවා ගැනීම් අවසන් කර ඇති බවය.
ඇද හැලෙස වැසි තත්ත්වය හේතුවෙන් අවදානම තවදුරටත් වැඩි වන බවත් දැනට මුදා ගැනීමේ කටයුතු අවසන් කර ඇති බවත් නැවත හෙට උදෑසන මෙහෙයුම් ආරම්භ කිරීමට තීරණය කළ බවත් ඒ මහතා පැවසීය.
