Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බැංකු කාඩ් එකෙන් බස් ටිකට් ගන්න අවස්ථාව

12 months ago

බැංකු කාඩ්පත් මගින් බස් රථ ප්‍රවේශ පත්‍ර මිල දී ගැනීමේ අවස්ථාව අද (24) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

එහි සමාරම්භක උත්සවය මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී පැවැත්වෙනවා.

ඩිජිටල් සහ ප්‍රවාහන අමාත්‍යාංශ එක්ව මෙහෙයවන මෙම වැඩසටහන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතයි.

බස් ගාස්තු සඳහා මුදල් ලබාදීමේ දී ඉතිරි මුදල් ලබා නොදීම විශාල ගැටලුවක් හේතුවෙන් ඊට විසඳුමක් ලෙස බැංකු කාඩ්පත් මගින් බස් ගාස්තු ගෙවීමේ ක්‍රමය හඳුන්වා දෙන බවයි ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරන්නේ.