ප්‍රධාන ගංගාවල ජල මට්ටම් දැඩිව ඉහළ ගොස් ඇති බැවින් හදිසි වර්ෂාවකදී ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශය ආසන්නයේ වර්ධනය වෙමින් පවතින අඩුපීඩන කලාපය හේතුවෙන් දිවයිනේ පළාත් 6කට මි.මී 200ට වැඩි වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන් කර තිබේ.
අදාළ පළාත්වලට ඇතුළත් වන්නේ:
උතුරු
උතුරු මැද
නැගෙනහිර
දකුණ
ඌව
බස්නාහිර
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අනතුරු ඇඟවීමේ නිවේදනයට අනුව, අද 25 සිට නොවැම්බර් 30 වන ඉරිදා දක්වා කාලය තුළ මෙම පළාත්වල ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානම පවතින බව දක්වා ඇත.
ඒ අනුව, ගංගා ආශ්‍රිත පහත් නිම්නයන්හි පදිංචි ජනතාව සහ එම ප්‍රදේශ ඔස්සේ ගමන් කරන අය වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කරන පූර්ව ගංවතුර අනතුරු ඇඟවීම් දැඩි අවධානයෙන් පිළිපැදිය යුතු බව ද අවධාරණය කර ඇත.
