වාලච්චේන ප්‍රාදේශීය සභාවේ සභාපති එස්. සුදාකරන්, උප සභාපති සහ තවත් පුද්ගලයෙකු ඇතුළු තිදෙනෙකු අද (25) වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී ඇත.
ඒ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් දිශා පුවරු ඉවත් කිරීමේ සිද්ධියට අදාළවයි.
ඔවුනට මඩකලපුව, වාලච්චේන, කිරාන් පුරාවිද්‍යා කාර්යාලය මගින් පවත්වාගෙන යන ස්ථානවලට ගමන් කරන දිශා පුවරු ගලවා ඉවත් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත.
එම පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 4ක් මින් පෙර යොදවා තිබුණා.
වාලච්චේන ප්‍රාදේශීය සභාව පවසන්නේ, අනුමැතියකින් තොරව පුවරු සවිකර තිබූ නිසා ඒවා ඉවත් කළ බවයි.
මෙම දිශා පුවරු, සංචාරකයින්ගේ පහසුව උදෙසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මඩකලපුව දිස්ත්‍රික්කයේ සවිකර තිබුණේ පසුගිය 03 වැනිදා සිටය.
