අරුණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ මහින්ද ඉලේපෙරුම මහතා CID වෙත කැඳවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ දැඩි විරෝධය පළ කර ඇත.
ඔහු සඳහන් කළේ, මෙය සමස්ත මාධ්‍යවේදීන්ට කරන අනතුරු ඇඟවීමක් හා මර්දනයක් බවත්, මාධ්‍ය මර්දනය තරයේම හෙළා දකින බවත්ය.
- CID යොදා මාධ්‍යවේදීන් බිය ගැන්වීම හෝ මර්දනයට උත්සාහ කිරීම අයුතු බව ඔහු සිය නිවේදනය මඟින් අවධාරණය කර තිබෙනවා.
- අදාළ පුවතක් පළකිරීම හේතුවෙන් කර්තෘවරයා CID වෙත කැඳවීම, පළමුව පුවත්පත් කොමිසමට පැමිණිලි කිරීම හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවීමෙන් සිදු කළ යුතු බව ඔහු පෙන්වා දුන්නේය.
- එවැනි ක්‍රමවේදයකින් තොරව CID වෙත කැඳවීම, ආණ්ඩුවේ මර්දනය පිළිබඳ හොඳම සාක්ෂියක් බවද ඔහු නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත .
නාමල් රාජපක්ෂ වැඩිදුරටත් කියා සිටියේ, CID පාවිච්චි කර මාධ්‍ය මර්දනයට හා ආණ්ඩුවේ පටු අරමුණු ඉටුකර ගැනීමට උත්සාහ කිරීම ඉතා කණගාටුදායක බවයි.
