රජයේ ප්‍රධාන වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වන “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ, 2025-2026 සිරිපා වන්දනා සමයට පෙර සිරිපා මළුවේ පිරිසිදු කිරීමේ වැඩපිළිවෙල නොවැම්බර් 25 දින ආරම්භ විය.
- යුධ හමුදාවේ කොමාන්ඩෝ භටයින් විසින් වන්දනාකරුවන් විසින් බැහැර කළ පොලිතින්, ප්ලාස්ටික් සහ අනෙකුත් කසළ ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කළේය.
- මෙම වැඩසටහන, යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස ප්‍රකාශිත සිරිපා පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වේ.
- ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ ස්වේච්ඡා කණ්ඩායම් එක්ව මෙම වැඩසටහනට සහය දක්වයි.
ප්‍රධාන කටයුතු
- 25 වනදා සිට 29 වනදා දක්වා දිනවලදී කොමාන්ඩෝ රෙජිමේන්තුවේ බට පිරිස් කසළ රැස් කර, (29) දින “විශේෂ ශ්‍රම මෙහෙයුම” මගින් නල්ලතන්නියට රැගෙන යනු ඇත.
- 29 දින, රත්නපුර සහ හැටන් මාර්ග ආවරණය වන පරිදි එක්දින මහජන සහභාගී ශ්‍රමදාන වැඩසටහනක් පැවැත්වේ.
- මධ්‍යම පරිසර අධිකාරිය විසින්, ලිටරයට වඩා අඩු ප්ලාස්ටික් වතුර බෝතල් අලෙවි කිරීම සහ රැගෙන යෑම 2025-2026 වන්දනාවාරයේදී සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.
2025-2026 ශ්‍රී පාද වන්දනා වාරය උදුවප් පොහෝ දිනයේ ආරම්භ වීමට නියමිතය.
