මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් අත්අඩංගුවට ගැනිම සඳහා නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දි තිබෙනවා.
ඒ 2023 /10/26 වන දින දකුණේ ඉන්න සිංහලයින් උතුරේ ඉන්න දෙමල අය කපා කොටා මරා දැමියයුතුයි ලෙස කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් වන පැමිණිල්ලකට අදාලවයි.
රූපවාහිනි පුවත් තුලින් විකාශය වි තිබු මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් 2023/20/27 වන දි නීතිඥ ධනුක මහතා විසින් පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක් සිදු කරනු ලබනවා.
එම පැමිණිල්ල මත මඩකලපුව පොලිසිය විසින් ICCPR පනත යටතේ විමර්ශන සිදු කර තිබෙනවා.
2023 වසරේ සිට මෙම විමර්ශන මන්දගාමිව සිදුවි තිබෙන අතර පැමිණිලි පාර්ශවය විසින් මේ සම්බන්ධයෙන් එවකට නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගෙන් කරන විමසිමේදි නිතිපති උපදෙස් ලබා ගනිමින් සිටින බව පවසා තිබුණා.
ඒ අනුව මෙම අම්පිටියේ සුමනරතන හිමි සිදුකල ප්‍රකාශය සැපයූ මාධ්‍යවේදින්ගෙන් ප්‍රකාශයන් මෙන්න එම CD තැටිය පොලිස් භාරයට ගෙන තිබෙනවා.
පසුව එය රජයේ රස පරික්ෂක වෙත යොමුකර තිබුණා.
එම රස පරික්ෂක වාර්තා අනුව නිතිපතිවරයා විසින් අම්පිටියේ සුමනරතන හිමියන් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කර තිබෙනවා.
ඒ අනුව පැමිණිලි පාර්ශවය විසින් මේ සම්බන්ධයෙන් පොලිස් නිළධාරී ප්‍රියන්ත බණ්ඩාර මහතාගෙන් මෙම අත්අඩංගුවට ගැනිම පිළිබඳ විමසුවිට එම නිළධාරියා පවසා තිබුණේ අම්පිටියේ හිමියන් පැමිණ භාරවන තෙක් සිටන බවයි.
මේ සම්බන්ධයෙන් වු නඩුව ලබන දෙසැම්බර් මස 8වන දින කැඳවිමට නියමිතයි.
(source – news19)
