Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශෂීන්ද්‍ර රාජපක්ෂගේ නඩුවට අදාළව රෝෂාන් රණසිංහගෙන් ප්‍රකාශයක් ගැනීමට පියවර

12 months ago

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ රාජ්‍ය දේපළ සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ගොනුකර ඇති නඩුවේ විමර්ශනයන්ට අදාලව හිටපු රාජ්‍ය අමාත්‍ය රෝෂන් රණසිංහගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පියවර ගෙන ඇති බව අල්ලස් කොමිසම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද දැණුම් දුන්නා.

ඒ කොළඹ ප්‍රධාන මහේශාත් අසංගෙස් බෝධරගම හමුවේ. සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් අල්ලස් කොමිස අධිකරණය හමුව කියා සිටියේ හිටපු රාජ අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ව්‍යාපාර කටයුතු කටයුත්තකට විදෙස් ගතව ඇති බවත් ඔහු මෙරටට පැමිණි එම ප්‍රකාශය ලබා ගැනීමට පියවර ගෙන ඇති බවය.

අල්ලස් කොමිසම මේ බව අධිකරණය හමුවේ සඳහන් කළේ තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා මහවැලි අධිකාරයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කීර්ති බී කොටගම ගොනු කර තිබූ අපේක්ෂිත ඇප අයදුම්පත අධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදීය.