ගාල්ල කරාපිටිය රෝහලේ සේවය කරන හෙදියක් විසින් ලිංගික අතවර චෝදනාවක් ගොනු කළ පසු, එම චෝදනාව අසත්‍ය බව පවසමින් වෛද්‍යවරයෙකු අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
මෙම පෙත්සම මගින් ඔහු ඉල්ලා සිටින්නේ, පොලීසිය විසින් සිදුකරන විමර්ශන අවසන් වන තුරු තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසය.
ගාල්ල පොලිස් ස්ථානාධිපති ඇතුළු පිරිසක් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.
වෛද්‍යවරයා පෙන්වා දී ඇත්තේ අසත්‍ය චෝදනාව නිසා තම කීර්තිනාමයට දැඩි හානි සිදුව ඇති බවයි.
