Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

උසස් පෙළ ප්‍රශ්න පත්‍රවල ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන්න! විභාග කොමසාරිස්ගෙන් දැනුම්දීමක්!

12 months ago

අද (27) සහ හෙට (28) උසස් පෙළ විභාගය නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා.

මේ වනවිට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ ඇතිවී තිබෙන ආපදා තත්ත්වය මත අ.පො.ස. (උ.පෙළ) නොපැවත්වෙන බව දැනුම් දී ඇත.

ඒ, අනුව විභාග සම්බධීකරණ මධ්‍යස්ථානයන්හි තිබෙන ප්‍රශ්න පත්‍රවල ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවදානය යොමු කරන ලෙස සියලුම සියලූම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන භාර නිලධාරීන්, සම්බන්ධීකරණ නිලධාරීන් හා ශාලාධිපතිවරුන් වෙත දැනුම් දෙනවා.

මේ අතර එම විෂයයන් පැවැත්වෙන දිනයන් ඉදිරියේ දී දැනුම්දීමට කටයුතු කරන බවයි විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ පවසන්නේ.